පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සෙනාසනඞ්ග සූත්‍රය
’’මහණෙනි, අඞ්ග පසකින් යුත් මහණතෙම අඞ්ග පසකින් යුත් සෙනසුනක් සේවනය කරන්නේ, භජනය කරන්නේ, නොබෝ කලකින්ම ආශ්‍රව යන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේය.
’’මහණෙනි, මහණතෙමේ කෙසේ අඞ්ග පසකින් යුක්තවූයේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශ්‍රද්‍ධාවත්වූයේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය, පුරුෂයන් දමණය කරණ ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය. බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේගේ බෝධිය සිහි කරයිද, ස්වල්ප ආබාධ ඇත්තේ වේද, ලෙඩ අඩුවේද, ඉතා සිහිල් නොවූ, ඉතා ඌෂ්ණ නොවූ, භාවනාවට සුදුසු සමව පැසවන ගින්නෙන් යුක්තවේද, ශාස්තෲන් වහන්සේ කෙරෙහි හෝ, නුවණැති සබ්‍රම්සරුන් කෙරෙහි හෝ, කෛරාටික නොවේද, මායා නැත්තේ වේද, තත්වූ පරිද්දෙන් තමා ප්‍රකාශ කරන්නේ වේද, අකුශල ධර්‍මයන් ප්‍රහාණය කිරීම පිණිස, කුශල ධර්‍මයන් ඉපදවීම පිණිස, කුශල ධර්‍මයන්හි ශක්තිමත්වූයේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, බහා නොතැබූ වැඩ ඇත්තේ වේද, නුවණැත්තේ වේ. මනාකොට දුක් ක්‍ෂය කිරීමට යන, පිරිසිදුවූ, විනිවිද යන, ඉපදීම, විනාශය, පිරිසිඳ දත හැකි නුවණින් යුක්තවූයේ වේ. මහණෙනි, මෙසේ මහණතෙම අඞ්ග පසින් යුක්තවූයේ වේ.
’’මහණෙනි, කෙසේ සේනාසන අඞ්ග පසකින් යුක්තවූයේ වේද? මේ ලෝකයෙහි සේනාසන ඉතා දුරවූයේත් නොවේද, ඉතා ආසන්නවූයේත් නොවේද, යාම් ඊම් දෙකින් යුක්තද, දවල් ජනයාගෙන් පිරුනේ නොවේද, රාත්‍රියෙහි ශබ්ද නැත්තේ වේද, ඝොෂා නැත්තේ වේද, ඩැහැ ලේ බොන මැස්සන්ය, මදුරුවන්ය, වාතය, අව්වය, දීර්ඝ ජාතීන්ගේ ස්පර්‍ශය නැත්තේ වේද, ඒ සෙනස්නෙහි වාසය කරන්නාට නිදුකින්ම සිවුරු, පිඬු, සෙනෙසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර උපදිත්ද, ඒ සෙනස්නෙහි බහුශ්‍රුතවූ, ආගම ධර්‍මය දත්, ධර්‍මධර, විනයධර, උභයමාතෘකාධර, ස්ථවිර භික්‍ෂූහු වාසය කරත්ද, ඔවුන් කරා කලින් කල එළඹ, ’ස්වාමීනි, මෙය කෙසේද, මොහුගේ අර්ත්‍ථ කවරේදැ’ යි විචාරයිද, ප්‍රශ්න කරයිද, ඔහුට ඒ ආයුෂ්මත්වරු විවෘත නොවූවක් විවරණය කෙරෙත්ද, පහසු නොවූවක් පහසු කරත්ද, නානාප්‍රකාර සැක කටයුතු තන්හි සැක දුරු කරත්ද, මහණෙනි, මෙසේ සේනාසනය අඞ්ග පසකින් යුක්තවූයේ වේ. මහණෙනි, අඞ්ග පසකින් යුක්ත මහණතෙම, අඞ්ග පසකින් යුක්ත සේනාසනය සේවනය කරන්නේ, භජනය කරන්නේ, නොබෝ කලකින්ම ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නේය.’’
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සෙනාසනඞ්ග සූත්‍රය
විවරණ [0]