පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්චඞ්ගවිපන්න සූත්‍රය
’’මහණෙනි, අඞ්ග පසකින් දුරුවූ, අඞ්ග පසකින් යුක්තවූ මහණතෙම මේ ධර්ම විනයෙහි සියලු ගුණයෙන් යුක්තවූ, වැස නිමවන ලද බඹසර ඇති, උතුම් පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, මහණතෙම කෙසේ අඞ්ග පසකින් දුරුවූයේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණහට කම්සැප විඳීමේ ආශාව ප්‍රහීණවූයේ වේද, ව්‍යාපාදය ප්‍රහීණවූයේ වේද, නිදිබර ගතිය ප්‍රහීනවූයේ වේද, සිත එක අරමුණක නොපිහිටන ගතිය හා නොකළ සුචරිත දුශ්චරිතයෙහි කුකුස ප්‍රහීනවූයේ වේද, බුද්‍ධාදී අට තන්හි සැකය ප්‍රහීණවූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග පසින් දුරුවූයේ වේ.
’’මහණෙනි, කෙසේ අඞ්ග පසකින් යුක්තවූයේ වේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ලොකොත්තරවූ ශීල රාශියෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර සමාධි රාශියෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර ප්‍රඥා රාශියෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර ඵල ධර්‍මයෙන් යුක්තවූයේ වේද, ලොකොත්තර ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණයෙන් යුක්තවූයේ වේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම අඞ්ග පසින් යුක්තවේ. මහණෙනි, අඞ්ග පසකින් දුරුවූ, අඞග පසකින් යුක්තවූ මහණතෙම, මේ ධර්ම විනයෙහි සියලු ගුණයෙන් යුක්තවූ, වැස නිමවන ලද බඹසර ඇති උතුම් පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණහට කාමච්ඡන්‍දය, ව්‍යාපාදය, ථීනම්ද්‍ධය, උද්‍ධච්චය, විචිකිච්ඡාව සර්‍වප්‍රකාරයෙන් විද්‍යමාන නොවේද, ලොකොත්තර සීලයෙන්ද, ලොකොත්තර සමාධියෙන්ද, ලොකොත්තර ඵලයෙන්ද, එබඳු ඤාණයෙන්ද, යුක්තවූයේ වේද, හෙතෙම ඒකාන්තයෙන්ම අඞ්ග පසකින් යුක්තවුයේ, අංග පසින් දුරුවූයේ, මේ ධර්ම විනයෙහි සියලු ගුණයන්ගෙන් යුක්තවුයේයයි කියනු ලැබේ.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්චඞ්ගවිපන්න සූත්‍රය
විවරණ [0]