බරවීම්

පරිවර්තන [13]

සප්පුරිස ද්‍ධම්ම සූත්‍රය

’’මහණෙනි, තොපට සත්පුරුෂ ධර්මයද, අසත්පුරුෂ ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, අසත්පුරුෂ ධර්මය කවරේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය අසත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, සත්පුරුෂ ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.’’

විවරණ [0]