පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔරිම පාරිමතීර සූත්‍රය
’’මහණෙනි, තොපට මෙතෙරද, එතෙරද දෙසන්නෙමි. මහණෙනි, මෙතෙර කවරේද? එතර කවරේද?
’’බ්‍රාහ්මණය, සතුන් මැරීම මෙතෙරයි, සතුන් මැරීමෙන් වෙන්වීම එතෙරයි. මෙතරයි, සතුන් මැරීමෙන් වෙන්වීම එතරයි. නුදුන් දෙය ගැන්ම මෙතරයි, නුදුන් දෙය ගැන්මෙන් වෙන්වීම එතරයි. කාමයන්හි වැරදි හැසිරීම මෙතරයි, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම එතරයි. බොරු කීම මෙතරයි, බොරු කීමෙන් වෙන්වීම එතරයි. කේළාම් කීම මෙතරයි, කේළාම් කීමෙන් වෙන්වීම එතරයි. පරුෂ වචන කීම මෙතරයි, පරුෂ වචන කීමෙන් වෙන්වීම එතරයි. හිස් වචන කීම මෙතරයි, හිස් වචන කීමෙන් වෙන්වීම එතරයි. විෂම ලෝභය මෙතරයි, විෂම ලෝභයෙන් වෙන්වීම එතරයි. ක්‍රොධය මෙතරයි, ක්‍රොධය නොවීම එතරයි. වැරදි දැක්ම මෙතරයි, නිවැරදි දැකීම එතරයි.
’’මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පරතෙර යන්නාහුද, ඔවුහු ස්වල්පයහ. නැවත මේ සෙසු ප්‍රජාව වෙරළ කරාම දුවයි.
’’යම් කිසි කෙනෙක් මනා කොට ප්‍රකාශ කරණ ලද ධර්මයෙහි ධර්මය අනුව පවත්නාහුද, ඒ මනුෂ්‍යයෝ එතරවීමට බැරි, මාරයාට අයත් පෙදෙසින් එතර වෙත්.
’’පණ්ඩිත තෙමේ කලුවූ පාප ධර්මය හැර සුදුවූ පින් දහම් වඩන්නේය. යම් තැනෙක්හි විවේකයෙහි ඇලීමට අපහසු වේද, වාසස්ථානවූ සසරින් වාසස්ථාන නැති නිවණට පැමිණ
’’කාමයන් කිසිවක් ඉතිරි නොකොට එහි ඇලීම කැමති වන්නේය. නුවණැත්තා සිතෙහි ඇතිවන ක්ලේශයන්ගෙන් තමන් පිරිසිදු වන්නේය.
’’මනා අවබෝධයේ අඞ්ගවන ධර්මයන්හි යමකුගේ සිත මනාකොට වඩන ලද්දේද, යම් කෙනෙක් අල්ලා ගැනීම, දුරු කිරීම යන දෙකෙහි නොබැඳීමෙන් යුක්තවූවාහුද, ලෝකයෙහි බබළන ඒ ක්‍ෂීණාශ්‍රවයෝ ක්ලේශ පරිනිර්‍වාණයෙන් නිවුණාහ.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔරිම පාරිමතීර සූත්‍රය
විවරණ [0]