බරවීම්

පරිවර්තන [13]

~

වීසති ධම්ම සූත්‍රය

’’මහණෙනි, කරුණු විස්සකින් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

’’කවර විස්සකින්ද යත්? තමාද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ ගැනීමෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි යෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා හැසිරීමෙහි යොදවයිද, තමන් බොරු කියයිද, අනුන්ද බොරු කීමෙහි යොදවයිද, තමන් කේලාම් කියයිද, අනුන්ද කේළාම් කීමෙහි යොදවයිද, තමන් ප්‍රලාප දොඩාද, අනුන්ද ප්‍රලාප දෙඩීමෙහි යොදවයිද, තමන් තෘෂ්ණා බහුලකොට ඇත්තේද, අනුන්ද තෘෂ්ණා බහුලබවෙහි යොදවයිද, තමන් ක්‍රෝධ සිත් ඇත්තේ වේද, අනුන්ද ක්‍රෝධයෙහි යොදවයිද, තමන් මිසදිටුවේද, අනුන්ද මිසදිටුයෙහි යොදවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු විස්සකින් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් ස්වර්‍ගයෙහි වේ.

’’කවර විස්සකින්ද යත්? තමන් සතුන් මැරීමෙන් වලකින්නේ වේද, අනුන්ද සතුන් නොමැරීමෙහි සමාදන් කරවයිද, තමාද නුදුන් දේ ගන්නේ වේද, අනුන්ද නුදුන් දේ නොගැන්මෙහි සමාදන් කරවයිද, තමාද කාමයන්හි වරදවා හැසිරීමෙහි නොයෙදෙයිද, අනුන්ද කාමයන්හි වරදවා නොහැසිරීමෙහි සමාදන් කරවයිද , තමන් බොරු නොකියයිද, අනුන්ද බොරු නොකීමෙහි සමාදන් කරවයිද, තමන් කේලාම් නොකියයිද, අනුන්ද කේළාම් නොකීමෙහි සමාදන් කරවයිද , තමන් ප්‍රලාප නොදොඩාද, අනුන්ද ප්‍රලාප නොකීමෙහි සමාදන් කරවයිද, තමන් තෘෂ්ණා බහුලකොට නැත්තේද, අනුන්ද තෘෂ්ණා බහුල නොවීමෙහි සමාදන් කරවයිද , තමන් ක්‍රෝධ සිත් ඇත්තේ නොවේද, අනුන්ද ක්‍රෝධ සිත් ඇති නොකිරීමේ සමාදන් කරවයිද, තමන් මිසදිටු නොවේද, අනුන්ද මිසදිටු නොවීමේ සමාදන් කරවයිද, මහණෙනි, මේ විසි ධර්මයන්ගෙන් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් නරකයෙහි වේ. මහණෙනි, කරුණු විස්සකින් යුක්තවූයේ ගෙණ එන ලද්දක් බහා තබන ලද්දාක් මෙන් ස්වර්‍ගයෙහි වේ.

විවරණ [0]