බරවීම්

පරිවර්තන [16]

~

අසුභසඤ්ඤා රාගාභිඤ්ඤා සූත්‍රය.

’’මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස ධර්‍ම දහයක් වැඩිය යුතුය. කවර දසයක්ද යත්? අශුභය යන හැඟීම, මැරේය යන හැඟීම, අහරෙහි පිළිකුල් හැඟීම, සියලු ලෝකයෙහි නොඇලෙන හැඟීම, අනිත්‍ය හැඟීම, අනිත්‍යයෙහි දුක් යන හැඟීම, දුකෙහි අනාත්ම යන හැඟීම, දුරුකරණ සංඥාව, නොඇලෙන සංඥාව, නිවණ යන හැඟීම, යන දසයයි. මහණෙනි, රාගය හොඳට දැන ගැනීම පිණිස මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’

විවරණ [0]