බරවීම්

පරිවර්තන [14]

~

දස ධම්ම පරිඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය වීම පිණිස, විනාශය පිණිස, නෙැඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, අත් හැරීම පිණිස, දුරු කිරීම පිණිස, ධර්‍ම දහයක් වැඩිය යුත්තාහ. කවර දහයක්ද යත්? නිවැරැදි දැකීම, නිවැරැදි සිතීම, නිවැරැදි වචන, නිවැරැදි ක්‍රියා, නිවැරැදි ජීවිකාව, නිවැරැදි වෑයම, නිවැරැදි සිහිය, නිවැරැදි සිතේ එකඟකම, නිවැරැදි නුවණ, නිවැරැදි මිදිම, යන දහයයි. මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, ප්‍රහාණය පිණිස, ක්‍ෂය වීම පිණිස, විනාශය පිණිස, නෙැඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, සංසිඳීම පිණිස, අත් හැරීම පිණිස, දුරු කිරීම පිණිස, මේ ධර්‍ම දහය වැඩිය යුත්තාහ.’’

විවරණ [0]