බරවීම්

පරිවර්තන [14]

පාතිමොකඛඨපනා සූත්‍රය

’’ස්වාමීනි, පාමොක් නැවැත්වීම කෙතෙක්ද?’’ ’’උපාලිය, පාමොක් නැවැත්වීම් දසයෙක. කවර දසයක්ද යත්?

’’පාරාජිකාවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, පාරාජිකා කථාවක් කියා නතර කෙළේ වේද, උපසපන් නුවූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, අනුපසම්පන්නයෙකු ගැන කථාවක් කියා නතරකළේ වේද, ශික්‍ෂා හැර දමූවෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, ශික්‍ෂා හැර දැමූ කථාවක් කියා නතරවූයේ වේද, නපුංසකයෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, නපුංසක කථාවක් කියා නතරවූයේ වේද, භික්‍ෂුණීන් දූෂ්‍ය කළ කෙනෙක් ඒ පිරිසෙහි සිටියේ වේද, භික්‍ෂුණී දූසක කථාවත් කියා නතර කෙළේ වේද, උපාලිය, මේ දසය පාමොක් නැවැත්විමය.’’

විවරණ [0]