පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උබ්බාහිකා සූත්‍රය
’’ස්වාමීනි, කවර ධර්මයන්ගෙන් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුද?’’ ’’උපාලිය, ධර්ම දහයකින් යුක්තවූ මහණතෙම එසවීමකින් සම්මත කළ යුතුය. කවර දසයකින්ද යත්?
’’උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා අරමුණෙන් යුක්තද, ස්වල්පමාත්‍ර වරදෙහිත් බිය දක්නා සුළු වේද, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අන්‍ර්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත්පසින් පිරිසිදුද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය කියත්ද, ඔහු එබඳු ධර්මයෝ බොහෝ අසක ලද්දාහු වෙත්. දරණ ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් බලන ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් අවබෝධ කරණ ලද්දාහු වෙත්ද, ඔහු ප්‍රාතිමොක්‍ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, ව්‍යඤ්ජන වශයෙන්, කට පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්. පවත්වන ලද්දාහු වෙත්. විනිශ්චය කරණ ලද්දාහු වෙත්. විනයෙහි සිටියේ නොසෙල්විය හැක්කේ වේ. හිතවතුන් සතුරු දෙදෙන හඟවන්ට, නැවත නැවත සිතා බලවන්ට, බලන්ට, පහදවන්ට, දක්‍ෂ වේ. ඇතිවන අධිකරණයන් සංසිඳවීමෙහි දක්‍ෂ වේ. අධිකරණය දනී. අධිකරණයට හේතුව දනී. අධිකරණ තීරණය දනී. අධිකරණ තීරණය කරණ ක්‍රමය දනී. උපාලිය, මේ ධර්ම දහයෙන් යුක්තවු මහණතෙම එසවීමෙන් සම්මත කළ යුතුය.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උබ්බාහිකා සූත්‍රය
විවරණ [0]