බරවීම්

පරිවර්තන [14]

උපාලිසාමග්ගි සූත්‍රය

’’ස්වාමීනි, සංඝ සාමග්‍රීය, සංඝ සාමග්‍රීයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා සමගිවුනේ වේද?’’

’’උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලදී, නොකියන ලදීයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් කියන ලද්ද, ප්‍රකාශ කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් කියන ලදැයි, ප්‍රකාශ කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට නොඅදියි. වෙන් වෙන් කර්ම නොකරත්. වෙන් වෙන්ව ප්‍රාතිමොක්‍ෂය දේශනා නොකරත්. උපාලිය, මෙපමණකින් සංඝයා සමගිවූයේ වේ.’’

විවරණ [0]