පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඨිතිපරිහානි සූත්‍රය
’’මහණෙනි, මම කුශල ධර්මයන්හි නැවතීමද වර්‍ණනා නොකරමි. පිරිහීම ගැන කියනුම කවරේද? මහණෙනි, මම කුශල ධර්මයන්හි වැඩීම වර්‍ණනා කරමි. නැවතීම වර්‍ණනා නොකරමි. පිරිහීම වර්‍ණනා නොකරමි. මහණෙනි, කෙසේ වනාහි කුශල ධර්මයන්හි නැවතීම නොවේද? වැඩීම නොවේද?
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණක ශ්‍රද්‍ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොනවතිත්, නොවැඩෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි නැවතීම නොවේ, වෘද්ධිය නොවේ, මේ හානියයයි කියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි හානිය වේ. නැවතීම හා වැඩීම නොවේ.
’’මහණෙනි, කුශල ධර්මයන්හි කෙසේ නැවතීම වේද, හානිය, වෘද්‍ධිය නොවේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණ ශ්‍රද්‍ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොපිරිහෙත්, නොවැඩෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි මේ නැවතීම කියමි. හානිය නොකියමි. වෘද්‍ධිය නොකියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි නැවතීම කියමි, හානිය නොකියමි.
’’මහණෙනි, කුශල ධර්මයන්හි කෙසේ වෘද්‍ධිය වේද, නැවතීම නෙවේද? පරිහානිය නොවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් පමණ ශ්‍රද්‍ධාවෙන්, ශීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්, වැටහීමෙන් යුක්තවේද, ඔහුට ඒ ධර්මයෝ නොසිටිත්, නොපිරිහෙත්. මහණෙනි, කුශල ධර්මයන්හි මේ වෘද්‍ධිය කියමි. නැවතීම නොකියමි. පිරිහීම නොකියමි. මහණෙනි, මෙසේ වනාහි කුශල ධර්මයන්හි වෘද්‍ධිය වේ. නැවතීම නොවේ. පිරිහීම නොවේ.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඨිතිපරිහානි සූත්‍රය
විවරණ [0]