පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුල්ලභ දස ධම්ම සූත්‍රය
’’මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයක් වෙත්.
’’කවර දහයක්ද යත්, භෝගයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. වර්‍ණය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. නීරෝගීකම යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ශීලය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. බ්‍රහ්මචර්‍ය්‍යය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. මිත්‍රයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. බහුශ්‍රුත භාවය යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ප්‍රඥාව යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ධර්‍මයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. ස්වර්‍ගයෝ යහපත්ය, කාන්තය, මන වඩන්නේය, ලෝකයෙහි දුර්ලභය. මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයක් වෙත්.
’’මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දසයට උවදුරු ධර්‍මද දසයක් වෙත්.
’’අලස බව, නොනැගිටීම, භොගයන්ට උවදුරය. නොසැරසීම, ආභරණ නැති බව හෙවත් නො සැරසීම වර්‍ණයට උවදුරය. නොගැලපෙන ක්‍රියා නීරෝගීකමට උවදුරය. දුෂ්ට මිත්‍රයන් ශීලයට උවදුරය. ඉන්‍ද්‍රිය අසංවරය බ්‍රහ්මචර්‍ය්‍යයට උවදුරය. බොරුකීම මිත්‍රයන්ට උවදුරකි. නොහැදෑරීම බහුශ්‍රුත භාවයට උවදුරය. මනාකොට ඇහුම්කන් නොදීම, ප්‍රශ්න නොඇසීම, ප්‍රඥාවට උවදුරකි. නොයෙදීම, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීම, ධර්‍මයන්ට උවදුරකි. වැරදි ප්‍රතිපත්තිය ස්වර්‍ගයට උවදුරකි. මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයක් වෙත්.
’’මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයකට ධර්‍ම දසයක් ආහාර වෙත්.
’’අලස නොවන බව, වීර්‍ය්‍යය, භොගයන්ට ආහාරය. සැරසීම, අලඞ්කාර ආභරණ, වර්‍ණයට ආහාරය. ගැලපෙන ක්‍රියා නීරෝගීකමට ආහාරය. යහපත් මිත්‍රයන් ඇති බව ශීලයට ආහාරය. ඉඳුරන් හසුරවා ගැනීම බ්‍රහ්මචර්‍ය්‍යයට ආහාරය. බොරු නොකීම මිත්‍රයන්ට ආහාරය. අවබෝධ කිරීම බහුශ්‍රුත භාවයට ආහාරය. ඇහුම්කන් දීම, ප්‍රශ්න කිරීම ප්‍රඥාවට ආහාරය. යෙදීම, සිහි කිරීම ධර්මයන්ට ආහාරය. යහපත් ප්‍රතිපත්තිය ස්වර්‍ගයට ආහාරය. මහණෙනි, යහපත්වූ, කාන්තවූ, මන වඩන්නාවූ, ලෝකයෙහි දුර්ලභවූ, මේ ධර්‍ම දහයක් වෙත්.
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුල්ලභ දස ධම්ම සූත්‍රය
විවරණ [0]