බරවීම්

පරිවර්තන [18]

දසාඝතපටිවිනය සූත්‍රය

’’මහණෙනි, වෛරය හික්මවන කරුණු දහයක් වෙත්.

’’කවර දසයක්ද යත්? ’මට අනර්ත්‍ථයක හැසුරුණේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ’මට අනර්ත්‍ථයක හැසිරෙයි. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ’මට අනර්ත්‍ථයක හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ’මාගේ ප්‍රියයාට, මනාපයාට අනර්ත්‍ථයක හැසුරුණේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. ’මාගේ අප්‍රියයාට, අමනාපයාට යහපතක හැසුරුනේය. හැසිරෙයි, හැසිරෙන්නේය. එය මෙහි කොහෙන් ලැබිය හැක්කේදැ’ යි වෛරය සංසිඳුවයි. අස්ථානයෙහිද නොකිපෙයි. මහණෙනි, මේ දශය වෛරය සංසිඳුවන කරුණු වෙත්.’’

ආකඞ්ඛ වර්‍ගය නිමි.

විවරණ [0]