පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
චක්ඛවාදීනං අනිච්චාදි සූත්‍රය
’’මහණෙනි, කරුණු එකොළසකින් යුක්තවූ ගොපළුතෙම ගව සමූහයා පරිහරණය කරන්ට සමෘද්ධ කරන්නට නුසුදුසු වේ.
’’කවර එකොළොසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ගොපළු තෙම, රූප දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට වළකන්නේ නොවේද, වණය වසන්නේ නොවේද, දුම කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පානයකළහු නොදනීද, යායුතු මග නොදනීද, ගොදුරුතැන් දැනිීමහි දක්‍ෂ නොවේද, ඉතිරිනොකොට දොවින්නේවේද, ගව පීතෘවූ, ගව පරිනායකවූ, යම් ඒ වෘෂභයෝ වෙද්ද, ඔවුන්ට අධික පූජාවෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ ගොපළුතෙම ගව සමූහයා පරිහරණය කරන්ට සමෘද්ධ කරන්නට සුදුසු නොවේ.
’’මහණෙනි, එපරිද්දෙන්ම ධර්‍ම එකොළොසකින් යුක්තවූ භික්‍ෂුතෙම ඇස කෙරෙහි අනිත්‍යය අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. රූප දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට වළකන්නේ නොවේද, වණය වසන්නේ නොවේද, දුම කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පානයකළහු නොදනීද, යායුතු මග නොදනීද, ගොදුරුතැන් දැනිීමහි දක්‍ෂ නොවේද, ඉතිරිනොකොට දොවින්නේවේද, ගව පීතෘවූ, ගව පරිනායකවූ, යම් ඒ වෘෂභයෝ වෙද්ද, ඔවුන්ට අධික පූජාවෙන් පුදන්නේ නොවේද, ඇස කෙරෙහි දුක අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි අනාත්මය අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි ක්‍ෂයවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි විනාශවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි නොඇලීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි නිරුද්ධවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි දුරලීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
~
විවරණ [0]