බරවීම්

පරිවර්තන [16]

නත්ථිතිත්ති සූත්‍රය

“මහණෙනි, කරුණු තුනක් සෙවනය කිරීමෙහි තෘප්තියක් නැත. කවර තුනක්හුගේද යත්.

“මහණෙනි, නින්ද සෙවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, සුරාපානය සෙවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මෛථුන ධර්මය සෙවනය කිරීමෙහි තෘප්තියක් නැත. මහණෙනි, මේ කරුණු තුන සෙවනය කිරීමෙහි තෘප්තියක් නැත.”

විවරණ [0]