පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බාල භය සූත්‍රය
“මහණෙනි, යම්කිසි භය උපදිත්ද, ඒ සියලු භය බාලයා කෙරෙන් උපදිත්, පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි විපත්තීහු උපදිත්ද ඒ සියලු විපත්තීහු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්. යම්කිසි උවදුරු උපදිත්ද ඒ සියලු උවදුරු බාලයා කෙරෙන් උපදිත්. පණ්ඩිතයාගෙන් නූපදිත්.
“මහණෙනි, යම්සේ වනාහි බට සෙවිලි ගෙයක් හෝ තණ සෙවිලි කළ ගෙයක් හෝ ගිනිගන්නා ලද්දේ ඇතුළත පිටත (සුනුපිරියම්) කරණ ලද භික්ති ඇත්තාවූ මනාව සවිකළ දොරවල් ඇත්තාවූ මනාව යෙදූ වා කවුළු ඇත්තාවූ කූටාගාරයන්ද දවන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම්කිසි භය කෙනෙක් උපදිත්ද, ඒ සියලු බිය බාලයා කෙරෙන් උපදිත්, පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.
“යම්කිසි විපත්තීහු උපදිත්ද, ඒ සියලු විපත් බාලයා කෙරෙන් උපදිත්, පණ්ඩිතයා කෙරෙන් නූපදිත්. යම්කිසි උපද්‍රව කෙනෙක් උපදිත්ද ඒ සියලු උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදිත් පණ්ඩිතයා කෙරෙන් නූපදිත්.
“මහණෙනි, මෙසේ වනාහි බාලතෙම භය සහිත වේ, පණ්ඩිත තෙම භය සහිත නොවේ. බාලතෙම විපත්ති සහිත වේ, පණ්ඩිත තෙම විපත්ති සහිත නොවේ. බාලතෙම උවදුරු සහිත වේ. පණ්ඩිත තෙම උවදුරු සහිත නොවේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියක් නැත්තේය. පණ්ඩිතයාගෙන් විපතක් නැත. පණ්ඩිතයා කෙරෙන් උවදුරක් නැත.
“මහණෙනි, එහෙයින් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා බාලයායයි දතයුත්තේද ඒ ධර්ම තුන දුරුකොට යම් ධර්ම තුනකින් යුක්තවූ පුද්ගලයා පණ්ඩිතයායයි දතයුත්තේද, ඒ ධර්ම තුන සමාදන්ව වාසය කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුයි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි” වදාළේය.
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Laera et al.
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
බාල භය සූත්‍රය
විවරණ [0]