පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Régis Xhardé
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
- Magga Traducciones (2023)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Suomi
- Juha Lamminaho (2020)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
හත්ථකාලවක සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව් රටෙහි ගෙරින් යන මාර්ගයෙහි ඇට්ටේරිය වනයෙහි කොළ ඇතිරියක වැඩවාසය කරණසේක. එකල්හි වනාහි හත්ථක නම් ආලවකතෙම සක්මන් කරනුයේ ඇවිදිනුයේ ගෙරින් යන මඟෙහි ඇට්ටේරිය වනයෙහි කොළ ඇතිරියෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ හත්ථක නම් ආලවකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
“ස්වාමීනි, කිමෙක්ද භාග්‍යවතුන් වහන්සේ සැපසේ සයනය කෙළේදැයි” ඇසීය.
“කුමාරය, එසේය. සැපසේ සයනය කෙළෙමි. ලෝකයෙහි යමෙක් වනාහි සැපසේ සයනය කෙරේනම් මම ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමියි” (වදාළේය)
“ස්වාමීනි හෙමන්ත ඍතුවෙහි රාත්‍රිය ශීතලය. නවන් මැදින් දෙමස අතරෙහිවූ අට දවස පිණිවැටෙන කාලයයි. ගොනුන්ගේ කුරවලින් කැඩීගියාවූ භූමිය රළුය, කොළ ඇතිරිය තුනීය. ගසේ කොළ අඩුය. කශාවස්ත්‍රද ශිතලය. සතර දිගින් ශීත සුළඟද හමයි. එසේ නමුත් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියයි. (කෙසේද?) කුමාරය, එසේය. සැපසේ සයනය කෙළෙමි. ලෝකයෙහි යමෙක් වනාහි සැපසේ සයනය කෙරේද, මම ඔවුන් අතුරෙන් එක්තරාකෙනෙක්වෙමි” කියයි
“කුමාරය, එසේ වීනම් තගෙන්ම අසමි. තොපට යම්සේ රුචිවන්නේද, එසේ එය ප්‍රකාශකරව. කුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද? මේ ලෝකයෙහි ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඇතුළත පිටත ආලේප කරන ලද භික්ති ඇත්තාවූ සවිකරන ලද දොර අගුල් ඇත්තාවූ වසන ලද කවුළු ඇත්තාවූ කුළු ගෙයක් වන්නේද, එහි කොඳු පලසින් අතුරන ලද්දාවූ සුදු එළු ලොම් ඇතිරියෙන් අතුරන ලද්දාවූ ඝන මල් ඇතිරියෙන් අතුරන ලද්දාවූ කෙසෙල් මුව සමින් කරණ ලද උතුම් ඇතිරිලි ඇත්තාවූ උඩුවියන් සහිතවූ දෙපාර්ශවයෙහි තබන ලද ලෙහෙවන් කොට්ට ඇත්තාවූ පර්යංකයක් වන්නේද, මෙහි තෙල් පහනක්ද දැල්වෙන්නේය. ස්ත්‍රීන් සතර දෙනෙක්ද මනාප මනාපවූ උපස්ථාන කරමින් සිටින්නාහුද කුමාරය, ඒ කුමකැයි සිතන්නෙහිද, හෙතෙම සැපසේ සයනය කරන්නේ හෝ වේද, එසේ නොවන්නේ හෝ වේද, තට මෙහි කෙසේ හෝ අදහස් වේද?”
“ස්වාමීනි, හෙතෙම සැපසේ සයනය කරන්නේය. යම් කෙනෙක් ලෝකයෙහි සැපසේ සයනය කෙරෙත් නම් හෙතෙම ඔවුන් අතුරෙන් එක්තරා කෙනෙකි.”
“කුමාරය, ඒ කුමැයි සිතන්නෙහිද, ඒ ගෘහපතියාට හෝ ඒ ගෘහපතිපුත්‍රයාට හෝ රාගයෙන් උපන්නාවූ කායිකවූ හෝ මානසිකවූ හෝ දාහයෝ වෙත්ද, ඒ රාගයෙන් හටගත් දාහයෙන් දැවෙනු ලබන්නාවූ හෙතෙම දුකසේ සයනය කරන්නේද?”
“ස්වාමීනි, එසේය”
“කුමාරය, ඒ ගෘහපති තෙමේ හෝ ඒ ගෘහපති පුත්‍ර තෙමේ රාගයෙන් හටගත්තාවූ යම් දාහයකින් දැවෙනු ලබන්නේ දුකසේ සයනය කරන්නේද, තථාගතයන්ගේ ඒ රාගය ප්‍රහීණය, උපුටන ලද මුල් ඇත්තේය. කරටිය කපන ලද තල් ගසක් මෙන් කරණ ලද්දේය. නැවත නූපදිනා පරිදි කරණ ලද්දේය. මත්තෙහි නොඉපදීම ස්වභාවකොට ඇත්තේය. එහෙයින් මම සැපසේ සයනය කෙළෙමි
(මේ ඡෙදය මේ සූත්‍රයේ 6. ඡෙදයේ “රාගය” වෙනුවට “ද්වෙෂය” යෙදීමෙන් සාදාගතයුතු)
(මේ ඡෙදය මේ සූත්‍රයේ 6. ඡෙදයේ “රාගය” වෙනුවට “මෝහය” යෙදීමෙන් සාදාගත යුතුයි)
(1) (2) “ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවියාවූ ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙම සියලු කල්හි ඒකාන්තයෙන් සැපසේ සයනය කෙරෙයි. යමෙක් තෙම කාමයන්හි නො ඇලේද සිහිල්වූයේ වේද උපධි රහිත වූයේද, (හෙතෙම) සියලු තෘෂ්ණාවන් සිඳ හෘදයේ දාහය සංසිඳවා චිත්තයාගේ සංසිඳීමට පැමිණ සැපසේ නිදන්නේය.”
පරිවර්තන [22]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Régis Xhardé
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
- Magga Traducciones (2023)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2013)
Suomi
- Juha Lamminaho (2020)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
හත්ථකාලවක සූත්‍රය
විවරණ [0]