පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සන්දිට්ඨික ධම්ම සූත්‍රය
“ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සිහිකටයුතුවූ කථාව කොට එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන්වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, ධර්මය තෙම ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේයයි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කොපමණකින් ධර්මය තෙම ප්‍රත්‍යක්ෂව දැක්ක යුතු ගුණ ඇත්තේ වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේ වේද, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේද, තමන්ගේ සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේ වේද, නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වේදැයි” ඇසීය.
“බ්‍රාහ්මණය, රාගයෙන් මඬනාලද්දාවූ රාගයෙන් විනාශ කරනලද සිත් ඇත්තාවූ ඇලුණාවූ පුද්ගලතෙම.
“තමන්ට දුක් පිණිසද සිතයි. අනුන්ට දුක් පිණිසද සිතයි. තමහට හා අනුන්ට දුක් පිණිසද සිතයි. මානසික දුකද විඳියි.
“රාගය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි. අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ට දුක් පිණිසද නොසිතයි,”
“මානසික දුකද දොම්නසද නොවිදී, බ්‍රාහ්මණය, මෙසේද ධර්මය තෙම ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන ඵල ඇත්තේවේ, එව බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් සිත්හි පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වෙයි.
“බමුණ, ද්වෙෂයෙන් මඬනාලද්දාවූ, ද්වෙෂයෙන් විනාශ කරණ ලද්දාවූ, සිත් ඇත්තාවූ පුද්ගලතෙම.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)
“ද්වෙෂය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද, නොසිතයි, අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 5 ඡෙදය මෙනි.)
“බමුණ, මෝහයෙන් මඬනාලද්දාවූ මෝහයෙන් විනාශ කරණ ලද්දාවූ සිත් ඇති පුද්ගල තෙම.
(මේ ඡෙද මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)
“මෝහය ප්‍රහීණවූ කල්හි තමාහට දුක් පිණිසද නොසිතයි, අනුන්ට දුක් පිණිසද නොසිතයි. තමන්ට හා අනුන්ටද දුක් පිණිසද නොසිතයි. (මේ සූත්‍රයේ 5 ඡෙදය යොදාගත යුතුයි)”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත්ය භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරණ ලද්දේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුළාවූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි කියා තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ ඇසූ භවත් ගෞතමයන් වහන්සේගේද ධර්මයෙහිද සංඝයාගේද සරණ යමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකුකොට මා දන්නාසේක්වා”යි කීයේය.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Català
- Albert Biayna Gea
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සන්දිට්ඨික ධම්ම සූත්‍රය
විවරණ [0]