ඉක්බිති වනාහි එක්තරා මහාසාර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ මහාසාර බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, පෙර කාලයෙහිවූ වයොවෘද්ධවූ මහලුවූ ඇදුරන්ගේ ඇදුරුවූ කියන්නාවූ බමුණන් වෙතින් මා විසින් මෙය අසන ලදී. (කුමක්ද යත්) පෙර කාලයෙහි මේ ලෝකය අවීචිය මෙන් මිනිසුන්ගෙන් පිරුණේ වෙයි. ගම් නියම ගම් රාජධානීහු පියස්සෙන් පියස්සට යාහැකි තරම් ගෙවලින් ගහණ වෙත් කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිසුන්ගේ ක්ෂයවීම වේද, තුනී බව පෙනේද, ගමුත් නොගම් වෙත්ද, නියම්ගමුත් නියම්ගම් නොවෙත්ද, නුවරවලුත් නගර නොවෙත්ද, ජනපදයෝත් ජනපද නොවෙත්ද.
ඊට හේතු කවරේද? ඊට ප්‍රත්‍ය කවරේදැයි ඇසීය.
“බමුණ මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියන ලද අධර්ම රාගයෙන් ඇලුනාහු විෂම ලොභයෙන් මඩනා ලද්දාහු නොනිසි වස්තූන්හි ඇලීමයයි කියන ලද මිථ්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇළුණාවූ විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ මිථ්‍යා ධර්මයෙන් යුක්තවූ ඔව්හු තියුණුවූ ආයුධ ගෙණ එකිනෙකා ජීවිතයෙන් තොර කෙරෙත්. ඒ කරණ කොටගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි. ‘භවත් ගෞතමයන්වහන්ස’ වෙනුවට ‘බමුණා’ කියා යොදාගතයුතුයි)
මේ වනාහි ඊට හේතුවයි, මේ ඊට ප්‍රත්‍යයයි. බමුණ, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අධර්මරාගයෙන් ඇළුණාහු විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු මිථ්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. මේ කාලයෙහි මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියන ලද මිථ්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇලුනාහු විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු නොනිසි වස්තූන්හි ඇලීමයයි කියන ලද මිථ්‍යාධර්‍මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇළුණාවූ විෂම ලෝභයෙන් මඩනා ලද්දාවූ මිථ්‍යාධර්‍මයෙන් යුක්තවූ ඔවුන්ට වර්ෂාව මනාකොට නොවසියි. ඒ හේතුකොට ගෙණ දුර්භික්ෂය වෙයි. ගොවිපලවල් පාළුවෙත්. කරල් පණුවන් විද බොල්වෙත්. නොපූදිත්. ඒ කරණකොටගෙණ බොහෝ මනුෂ්‍යයෝ මැරෙත්.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි. ‘භවත් ගෞතමයන් වහන්ස’ වෙනුවට ‘බමුණ’ කියා යොදාගත යුතුයි.) මේ වනාහි ඊට හෙතුවයි. මේ ඊට ප්‍රත්‍යය.
“බ්‍රාහ්මණය, නැවත අනිකක්ද කියමි. දැන් මනුෂ්‍යයෝ අන්සතු දෙයෙහි ඇලීමයයි කියන ලද අධර්ම රාගයෙන් ඇලුනාහු විෂම ලෝභයෙන් මඩනා ලද්දාහු නොනිසි වස්තූන්හි ඇලීමයයි කියන ලද මිථ්‍යා ධර්මයෙන් යුක්තවූවාහු වෙත්. අධර්ම රාගයෙන් ඇළුණාවූ විෂම ලොභයෙන් මඩනා ලද්දාවූ මිථ්‍යා ධර්මයෙන් යුක්තවූ මනුෂ්‍යයන් වෙත්. අධිපති යක්ෂයෝ චණ්ඩ අමනුෂ්‍යයන් යවත්. එයින් බොහෝ මිනිසුන් මැරෙත්.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි. ‘භවත් ගෞතමයන් වහන්ස’ වෙනුවට ‘බමුණ’ කියා යොදාගත යුතුයි.) මේ වනාහි ඊට හෙතුය. මේ ඊට ප්‍රත්‍යය.
(මේ ඡෙදය මේ වර්ගයේ 3 සූත්‍රයේ 14 ඡෙදය මෙනි.)
විවරණ [0]