පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වජ්ජිපුත්තක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර එක්තරා වජ්ජිපුත්තක භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ වජ්ජිපුත්තක භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. කෙසේද?
“ස්වාමීනි, අඩ මසක් පාසා එක්සිය පනසක් ශික්ෂාපද උදෙසීමට පැමිණෙයිද ස්වාමීනි, මම මේ ශික්ෂාපද සමූහයෙහි හික්මීමට නොහැක්කෙමි” යනුවෙනි.
“මහණ, ඔබට අධිශීල ශික්ෂාව අධිචිත්ත ශික්ෂාව අධිප්‍රඥා ශික්ෂාව යන මේ ත්‍රි ශික්ෂාවෙහි හික්මිය හැකිද?”
“ස්වාමීනි, මම අධිශීල ශික්ෂාව අධිචිත්ත ශික්ෂාව අධිප්‍රඥා ශික්ෂාව යන ත්‍රි ශික්ෂාවෙහි හික්මීමට හැකි වෙමියි” කීය.
මහණ, එසේ නම් ඔබ අධිශීල ශික්ෂාව අධිචිත්ත ශික්ෂාව අධිප්‍රඥා ශික්ෂාව යන ත්‍රි ශික්ෂාවෙහි හික්මෙව.
“මහණ, යම්කලෙක පටන් ඔබ අධිශීලයෙහිද හික්මෙන්නෙහි නම් අධිචිත්තයෙහිද හික්මෙන්නෙහි නම් අධිප්‍රඥාවෙහිද හික්මෙන්නෙහි නම් අධිශීලයෙහිද හික්මෙන්නාවූ අධිචිත්තයෙහිද හික්මෙන්නාවූ අධිප්‍රඥාවෙහිද හික්මෙන්නාවූ ඔබගේ රාගය පහවන්නේය. ද්වෙෂය පහවන්නේය. මොහය පහවන්නේය.
“ඒ ඔබ රාගය පහවීමෙන් ද්වෙෂය පහවීමෙන් මොහය පහවීමෙන් යමක් අකුසල්ද එය නොකරන්නෙහිය, යමක් පාපයද එය සෙවනය නොකරන්නෙහියයි” වදාළේය.
“ඉක්බිති ඒ භික්ෂුව පසුකාලයෙහි අධිශීලයෙහිද හික්මුණේය, අධිචිත්තයෙහිද හික්මුණේය, අධිප්‍රඥාවෙහිද හික්මුණේය. අධිශීලයෙහි හික්මුණාවූද අධිචිත්තයෙහි හික්මුණාවූද, අධිප්‍රඥාවෙහි හික්මුණාවූද ඔහුගේ රාගය පහවිය, ද්වෙෂය පහවිය, මොහය පහවිය. හෙතෙම රාගය පහ වීම හෙතුකොට ගෙන ද්වෙෂය පහවීම හෙතුකොට ගෙන මොහය පහවීම හෙතුකොට ගෙන යමක් අකුසල් නම් එය නොකෙළේය. යමක් පවු නම් එය සෙවනය නොකෙළේය.”
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Rémy Zins (2022)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
වජ්ජිපුත්තක සූත්‍රය
විවරණ [0]