පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2007)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අස්සාජානි සූත්‍රය
මහණෙනි, අංග තුනකින් යුත් යහපත්වූ රජහුගේ අජානීය අශ්වතෙම රජු විසින් පරිභොග කළ යුත්තේ රජුට සුදුසුවූයේ වෙයි. රජහුගේ අංගයෙක යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර අංග තුනෙකින්ද? මහණෙනි, මෙහි රජහුගේ යහපත්වූ අජානීය අශ්ව තෙම වර්ණයෙන් යුක්තවූයේ වෙයිද, බලයෙන් යුක්තවූයේ වෙයිද, ජවයෙන් යුක්තවූයේ වෙයිද, මහණෙනි, මේ අංග තුනෙන් යුත් රජහුගේ යහපත් අජානීය අශ්වද තෙම රජු විසින් පරිභොග කළ යුත්තේ රජුට සුදුසු වූයේ වෙයි.
“මහණෙනි, එසේම ධර්ම තුනකින් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේ වෙයි. දුර සිට ගෙනෙන ලද ප්‍රත්‍යය පිළිගැනීම සුදුසුවූයේ වෙයි. ඇදිලිබැඳ නමස්කාර කිරීමට සුදුසුවූයේ වෙයි. ලොකයාගේ අනුත්තර පුණ්‍යක්ෂෙත්‍රය වෙයි.
“කවර තුනකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම වර්ණයෙන් යුක්ත වූයේද වෙයි. බලයෙන් යුක්ත වූයේද වෙයි. ජවයෙන් යුක්තවූයේද වෙයි.
මහණෙනි, කෙසේනම් මහණ තෙම වර්ණයෙන් යුක්තවූයේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්වූයේ ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවරවූයේ ආචාර ගොචර දෙකින් යුක්තව වාසය කරයිද, කුඩා වරදෙහිද භය දකිමින් ශික්ෂාපදයන්හි දැඩි සමාදානයෙන් යුක්තව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ වර්ණයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි, කෙසේනම් මහණ තෙමේ බලයෙන් යුක්තවූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අකුශල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිසත් කුශල ධර්මයන්ගේ වැඩීම පිණිසත් පටන්ගන්නා ලද වීර්‍ය්‍යයෙන් යුක්තව දැඩි වීර්‍ය්‍යයෙන් යුක්තව දෘඪ පරාක්‍රමයෙන් යුක්තව කුසල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙමේ බලයෙන් යුක්ත වූයේ වෙයි.
“මහණෙනි, කෙසේනම් මහණ තෙමේ ජවයෙන් යුක්ත වූයේ වෙයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෙය දුකයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුකට හෙතුවයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක නැතිකිරීමයයි තත්වාකාරයෙන් දනීද, මෙය දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වාකාරයෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම ජවයෙන් යුක්තවූයේ වෙයි.
“මහණෙනි මේ අංගතුනෙන් යුත් මහණ තෙමේ ආගන්තුකයන් උදෙසා පිළියෙළ කළ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසුවූයේ වෙයි. (3 වෙනි ඡෙදයෙහි “දුර සිට” යනතැන සිට “වූයේ වෙයි” යන තැන දක්වා ඇති කොටස මෙ තැනට යෙදියයුතුයි.) ලොකයාගේ අනුත්තර පුණ්‍යක්ෂෙත්‍රය වේයයි” වදාළසේක.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2007)
Русский
- SV theravada.ru (2013)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අස්සාජානි සූත්‍රය
විවරණ [0]