’’මහණෙනි, මේ අඹ සතරක් වෙත්. කවර සතරක්ද යත්, නොපැසුණු, පැසුණ පාට ඇති එකෙක. පැසුණ, අමු පාට එකකි. අමු, අමු පාට එකකි. පැසුණු, පැසුණ පාට එකකි. මහණෙනි, මේ සතර අඹය. මහණෙනි, එසේම අඹවලට බඳු උපමා ඇති පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්?
’’අමු, පැසුණ පාට ඇති පුද්ගලයාය. පැසුණු, අමු පාට ඇති පුදගලයාය. නොපැසුණු, පැසුණ පාට ඇති පුද්ගලයාය. පැසුණු, පැසුණ පාට ඇති පුද්ගලයාය. මහණෙනි, කෙසේ පුද්ගල තෙම නොපැසුණු, පැසුණු පාට ඇත්තේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු වේද?
’’හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,
’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම අමුවූයේ. පැසුණු වර්‍ණ ඇත්තේ වේ. මහණෙනි, අමුවූ, පැසුණු පාට ඇති අඹයක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම පැසුණේ, අමු පාට ඇත්තේ වේද?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු නොවේද?
’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී,
’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම පැසුණේ, අමු පාට ඇත්තේ වේ. මහණෙනි, පැසුණු, අමු පාට ඇති අඹයක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම අමුවූයේම, අමු පාට ඇත්තේ වේද?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු නොවේද?
’’හෙතෙම මේ දුක යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් ඉපදීමට හේතුව යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් නොදනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් නොදනිත්ද,
’’මහණෙනි, මෙසේ පුද්ගල තෙම අමුවේ අමු පාට ඇත්තේ වේ. මහණෙනි, අමු, අමු පාට ඇති අඹයක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම පැසුණේ, පැසුණු පාට ඇත්තේ වේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ඉදිරියට යාම, ආපසු ඒම, ඉදිරි පිට බැලීම, වට පිට බැලීම, හැකිලවීම, දිග හැරීම, සඟල පා සිවුරු දැරීම, ප්‍රසාදයට සුදුසු වේද?
’’හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීම යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී,
’’මහණෙනි, පැසුණු, පැසුණු පාට ඇති අඹ ගෙඩියක් යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳු යයි කියමි. මහණෙනි, මේ අඹ සතරකට උපමා ඇති පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.
විවරණ [0]