පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අමනාපඨාන සූත්‍රය
’’මහණෙනි, මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්. මහණෙනි, කරන්නට නොමනාපවූ, කරන්නාට අනර්ත්‍ථය පිණිස පවතින කරුණක් ඇත්තේය. මහණෙනි, කරන්නටද නොකැමැතිවූ එය කරන්නේද අර්ත්‍ථය පිණිස පවතින කරුණක් ඇත. මහණෙනි, කරන්ට කැමතිවූ එය කරන්නේ අනර්ත්‍ථය පිණිස පවතින කරුණක් ඇත. මහණෙනි, කරන්නට කැමති එය කරන්නේ අර්ත්‍ථය පිණිස පවතින කරුණක් ඇත.
’’මහණෙනි, මෙහි යම් ඒ කරුණක් කරන්ට නොකැමැතිද, එය කරන්නේ අනර්ත්‍ථය පිණිස පවතීද, මහණෙනි, මේ කරුණ දෙපක්‍ෂය විසින් නොකටයුතුකොට සිතයි. යම් මේ කරුණක් කරන්නට නොකැමැතිද, මොහු විසින්ද එය නොකටයුතුකොට හඟී. යම් කරුණක් කරන්නේ අනර්ත්‍ථය පිණිස පවතීද, මොහු විසින්ද එය නොකටයුතු කොට සිතයි. මේ කරුණ දෙපක්‍ෂය විසින් නොකටයුතුකොට සිතයි.
’’මහණෙනි, එහි යම් කරුණක් කරන්ට නොකැමැතිද, එය කරන්නේ යහපත පිණිස පවතීද, මේ කාරණයෙහි බාලයාද, පණ්ඩිතයාද දතයුතුයි. මහණෙනි, බාලයා මෙසේ නොසිතයි. නමුත් මේ කරුණ කරන්ට අමනාපය. නැවතද මෙය කරන්නේ යහපත පිණිස පවතීද, ඔහු එය නොකරයි. එය නොකරණ ඔහුට අනර්ත්‍ථය පිණිස පවතී.
’’මහණෙනි, පණ්ඩිත තෙමේද මෙසේ කල්පනා කරයි. හුදෙක් මේ කාරණය කරන්ට නොකැමැතිය. නමුත් මෙය කිරීම යහපත පිණිස පවතී. මහණෙනි, එහි යම් මේ කාරණයක් කරන්ට කැමතිද, එය කරන්නේ අනර්ත්‍ථය පිණිස පවතීද, මේ කරුණෙහිත් පුරුෂ ශක්තිය ඇති, පුරුෂ වීර්‍ය්‍යය ඇති, පුරුෂ පරාක්‍රම ඇති බාලයන්ද, පණ්ඩිතයන්ද දත යුතුයි.
’’මහණෙනි, බාලයා හුදෙක් මෙය කරන්ට ප්‍රියය. නමුත් දැන් මෙය කරන්නේ අනර්ත්‍ථය පිණිස පවතීයයි කල්පනා කරයි. හෙතෙම ඒ කාරණය කරයි. එය කරණ ඔහුට අනර්ත්‍ථය පිණිස පවතී. මහණෙනි, පණ්ඩිත තෙමේද හුදෙක් මෙය කරන්ට මනාපය. නමුත් දැන් මෙය කරන්නේ අයහපත පිණිස පවතීයයි සිතයි. නැවතද මෙය කරද්දී අනර්‍ථය පිණිස පවතී. හෙතෙම එය නොකරයි. එය නොකරණ ඔහුට යහපත පිණිස පවතී. මහණෙනි, එහි යමක් කරන්නට ප්‍රියද, එය කරන්නේ අර්‍ථය පිණිස පවතීද, මහණෙනි, මෙය දෙදෙනා විසින්ම කටයුතුයයි හඟී. මේ යමක් කරන්නට ප්‍රියද, ඔහු විසින්ද එය කටයුතුයයි හඟී. යම් දෙයක් කරන්නේ අර්‍ථය පිණිස පවතීද, මොහු විසින්ද එය කටයුතුයයි හඟී. මහණෙනි, මේ කරුණ දෙපක්‍ෂය විසින්ම කටයුතුයයි හඟී. මහණෙනි, මේ කරුණු සතරය.
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අමනාපඨාන සූත්‍රය
විවරණ [0]