පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නිකට්ඨකාය සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝ්කයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්
’’කයින් ගමින් පිටවූ, සිත ගමෙහිම ඇති පුද්ගලයාය, කය ගමෙහි ඇති, සිත ගමෙහි නැති පුද්ගලයාය, කය සිත දෙකම ගමෙහි ඇති පුද්ගලයාය, කය ගමෙහි නැති, සිතද ගමෙහි නැති පුද්ගලයාය යන සතර දෙනය.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේද, සිත ගමෙහි ඇත්තේ වේද, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල වසයි. හෙතෙම එහි කාම විතර්‍කයන්ද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටවූයේ වේ. සිතින් ගමින් පිටවූයේ නොවේ.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කැලේ වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන සේවනය නොකරයි. හෙතෙම එහිදීම නෛෂ්ක්‍රම්‍ය විතර්‍කයන් සිතයි. අව්‍යාපාද විතර්‍කයන් සිතයි. අවිහිංසා විතර්‍කයන් සිතයි. මහණෙනි, පුද්ගල තෙම මෙසේ කයින් ගමින් පිටවූයේ නොවේ. සිතින් ගමින් පිටවූයේ වේ.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට නොවූයේ වේද, සිතින් ගමින් පිටනොවූයේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අරණ්‍යයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසනවල නොවසයි. හෙතෙම එහි කාම විතර්‍කද සිතයි. ව්‍යාපාද විතර්‍කද සිතයි. විහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිටනොවූයේද නොවේ. සිතින් ගමින් පිටනොවූයේද වේ.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම කයින් ගමින් පිට වූයේද, සිතින් ගමින් පිටවූයේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වනයෙහි වානප්‍රස්ත ප්‍රාන්ත සේනාසන ආශ්‍රය කරයි. හෙතෙම එහි නෛෂ්ක්‍රම්‍ය විතර්‍කද සිතයි. අව්‍යාපාද විතර්‍කද සිතයි. අවිහිංසා විතර්‍කද සිතයි. මහණෙනි, මෙසේ පුද්ගල තෙම නික්මුණු කය ඇත්තේද, නික්මුණු සිත ඇත්තේද වේ. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’
පරිවර්තන [14]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
නිකට්ඨකාය සූත්‍රය
විවරණ [0]