පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Canonpali.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Pablo Catalán Fernández (2008)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
යුගනද්‍ධ සූත්‍රය
’’එක් කාලයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’ඇවැත්නි, මහණෙනි’ යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු, ’ඇවැත්නි’ යි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ.
’’ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, ’ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මා සමීපයෙහි අර්‍හත්‍වයට පැමිණීම ප්‍රකාශ කරයිද, ඒ සියල්ල සතර මාර්‍ගයන්ගෙන්ද මොවුන්ගෙන් හෝ එක්තරා එකකිනි. කවර සතරකින්ද යත්,
’’ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම සමථය (කෙලෙස් වඩා තැබීම) පෙරටුකොට ඇති විදර්‍ශනාව වඩයි. සමථය පූර්‍වඞ්ගමකොට ඇති විදර්‍ශනාව වඩන ඔහුට මාර්ගය උපදියි.
’’හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
’’ඇවැත්නි, නැවතද මහණ තෙම විදර්‍ශනාව පෙරටුකොට ඇති සමථය වඩයි. විදර්‍ශනය පූර්‍වඞ්ගම කොට ඇති සමථය ධ්‍යානය වඩන්නාට මාර්ගය පහළ වේ.
’’හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
’’ඇවැත්නි, නැවතද මහණතෙම සමථය හා විදර්‍ශනාව සම සමව වඩයි. සමථය හා විදර්‍ශනාව සම සමව වඩන ඔහුට මාර්‍ගය හැඳිනේ. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
’’ඇවැත්නි, නැවතද මහණහට මානය වේද, යම් ඒ සිතක් අධ්‍යාත්මයෙහිම සිටීද, හිඳීද, එකට පහළවේද, සමාධි ගත වේද, ඔහුට මාර්‍ගය උපදී. හෙතෙම ඒ මාර්‍ගය සේවනය කරයි. වඩයි. බහුල වශයෙන් කරයි. ඒ මාර්‍ගය ආසේවනය කරණ, වඩන, බහුල වශයෙන් කරණ ඔහුට සංයෝජනයෝ ප්‍රහීන වෙත්. අනුශය කෙලෙස් කෙළවර වේ.
’’ඇවැත්නි, යම්කිසි භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ මා සමීපයෙහි අර්‍හත්ව ප්‍රාප්තිය ප්‍රකාශ කරයිද, ඒ සියල්ල මේ සතර මාර්‍ගයෙහි මොවුන්ගෙන් එකකිනැයි වදාළේය.’’
දාහත්වෙනි ප්‍රතිපදා වර්‍ගය නිමි.
පරිවර්තන [19]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
- Canonpali.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Pablo Catalán Fernández (2008)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2014)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
යුගනද්‍ධ සූත්‍රය
විවරණ [0]