පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආයාචමාන සූත්‍රය
’’මහණෙනි, ශ්‍රද්‍ධාවත් මහණ තෙම, ’සැරියුත්, මුගලන් දෙනම යම්සේ නම් එබඳු වෙමි’ යි මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ සැරියුත්, මුගලන් දෙනමක් ඇද්ද, මාගේ ශ්‍රාවකවූ භික්‍ෂූන්ට මේ තුලනාවකි. මේ ප්‍රමාණයකි.
’’මහණෙනි, ’ඛෙමා භික්‍ෂුණියද, උප්පලවණ්ණාවද යම් බඳුද, එබඳු වෙමි’ යි ශ්‍රද්‍ධාවත් භික්‍ෂුණිය මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ ඛෙමා භික්‍ෂුණියද, උප්පලවණ්ණා භික්‍ෂුණියද යම්සේ නම් මාගේ ශ්‍රාවිකා භික්‍ෂූණීන්ට මෙය තුලනාවකි. මෙය ප්‍රමාණයකි.
’’මහණෙනි, ’චිත්ත ගෘහපතියා හා භාහත්‍ථවක ආලවක යම්සේද, එබඳු වෙමි’ යි ශ්‍රද්‍ධාවත් උපාසක තෙම මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නේ, ආයාචනා කරන්නේය. මහණෙනි, යම් මේ චිත්ත ගෘහපතියාද, හත්‍ථක ආලවකද යම් සේ නම් මාගේ ශ්‍රාවක උපාසකයන්ට මෙය තුලනාවකි. මෙය ප්‍රමාණයකි.
’’මහණෙනි, ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්‍ද මාතාවද යම් සේද, එබඳු වෙමි’ යි ශ්‍රද්‍ධාවත් උපාසිකා තොමෝ මෙසේ මනාකොට ආයාචනා කරණු ලබන්නී, ආයාචනා කරන්නීය. මහණෙනි, යම් මේ ඛුජ්ජුත්තරා උපාසිකාවද, වෙළුකණ්ඨකී නන්‍ද මාතාවද යම් සේ නම් මාගේ ශ්‍රාවක උපාසිකාවන්ට මෙය තුලනාවකි. මෙය ප්‍රමාණයකි.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ආයාචමාන සූත්‍රය
විවරණ [0]