පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
- Kovilo Bhikkhu (2023)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2012)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භණ්ඩගාම (හෝ) අනුබෝධ සූත්‍රය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑරට භණ්ඩ ග්‍රාමයේ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ’’පින්වතුන් වහන්සැ,’’ යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි, ධර්ම සතරක් නොදැනීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්‍ඝ කාලය (සසර) දුවන ලදී. හැසිරෙන ලදී. කවර ධර්ම සතරක්ද යත්?
’’මහණෙනි, ආර්‍ය්‍ය ශීලය නොදැනීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්‍ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී. මහණෙනි, ආර්‍ය්‍ය සමාධිය නොදැනීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්‍ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී. මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාව නොදැනීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්‍ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී. මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තිය නොදැනීමෙන්, ප්‍රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්‍ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී.
’’ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් දැනගන්නා ලදී. ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය සමාධිය මා විසින් දැනගන්නා ලදී. ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් දැනගන්නා ලදී. ප්‍රතිවේධ කරණ ලදී. ආර්‍ය්‍ය විමුක්තිය (අර්හත් ඵලය) මා විසින් දැනගන්නා ලදී. ප්‍රතිවේධ කරණ ලදී. භව තෘෂ්ණාව මුලින්ම සිඳින ලදී. භව නෙත්තිය (භව රැහැන) ක්‍ෂය විය. දැන් පුනර්භවයක් නැතැයි වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය දෙසා මෙසේත් වදාළ සේක.
’’ලෝකෝත්තරවූ ශීලයද, සමාධියද, ප්‍රඥාවද, අර්‍හත් ඵලයද යන මේ ධර්මයෝ, යසස් ඇත්තාවූ ගෞතමයන් වහන්සේ විසින් දැනගන්නා ලදී. මෙසේ බුදුරජානන් වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් දැන භික්‍ෂූන්ට ධර්මය දේශනා කරණ ලදී. පසැස් ඇති වෘත්ත දුඃඛය කෙළවර කළ ශාස්තෲන් වහන්සේ ක්ලේශ පරිනිර්‍වාණයෙන් පිරිනිවි සේක.’’
පරිවර්තන [19]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
- Kovilo Bhikkhu (2023)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2012)
Português
- Michael Beisert (2005)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
භණ්ඩගාම (හෝ) අනුබෝධ සූත්‍රය
විවරණ [0]