පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අස්සද්‍ධ සූත්‍රය
’’මහණෙනි, තොපට අසත්පුරුෂයාද, අසත්පුරුෂයන්ගෙන් අතිශයින් අසත්පුරුෂයාද, සත්පුරුෂයාද, සත්පුරුෂයන්ගෙන් අතිශයින් සත්පුරුෂයාද, දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි.’’ වදාළ සේක. ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’මහණෙනි, අසත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් අශ්‍රද්‍ධාද, ලජ්ජා නැත්තේද, භය නැත්තේද, අල්පශ්‍රුතද, කුසීතද, මුළා සිහි ඇත්තේද, දුෂ්ප්‍රාඥද,
’’මහණෙනි, මේ අසත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තමා අශ්‍රද්‍ධාද, අනුන්ද අශ්‍රද්‍ධාවෙහි සමාදන් කරවයිද, තමා ලජ්ජා නැත්තේද, අනුන්ද නිර්ලජ්ජාවෙහි සමාදන් කරවයිද, තමා බිය නැද්ද, අනුන්ද බිය නැති බවෙහි සමාදන් කරවයිද, තමා අල්පශ්‍රුතද, අනුන්ද අල්පශ්‍රුත බැව්හි සමාදන් කරවයිද, තමා කුසීතද, අනුන්ද කුසීත බැව්හි සමාදන් කරවයිද, තමා මුළා සිහි ඇත්තේද, අනුන්ද මුළාබැව්හි සමාදන් කරවයිද, තමා දුෂ්ප්‍රාඥද, අනුන්ද දුෂ්ප්‍රාඥ බැව්හි සමාදන් කරවයිද,
’’මහණෙනි, මේ අසත්පුරුෂයාටත් වඩා අතිශයින් අසත්පුරුෂයායයි කියනු ලැබේ.
’’මහණෙනි, සත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශ්‍රද්‍ධාවත්ද, ලජ්ජාවේද, බිය ඇත්තේ වේද, බහුශ්‍රුතද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේද, සිහි ඇත්තේ වේද, නුවණැත්තේ වේද,
’’මහණෙනි, මේ සත්පුරුෂයායයි කියනු ලැබේ. ’’මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයා කවරේද?
’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ශ්‍රද්‍ධාවත්ද, අනුන්ද ශ්‍රද්‍ධා සම්පත්තියෙහි පිහිටුවයිද, තමා ලජ්ජා ඇත්තේ වේද, අනුන්ද ලජ්ජා ඇති බවෙහි සමාදන් කරවයිද, තමා බිය ඇත්තේද, අනුන්ද බිය ඇති බැව්හි සමාදන් කරවයිද, තමා බහුශ්‍රුතද, අනුන්ද බහුශ්‍රුත බැව්හි සමාදන් කරවයිද, තමන්ද පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේවේද, අනුන්ද පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි සමාදන් කරවයිද, තමා එළඹ සිටි සිහි ඇත්තේ වේද, අනුන්ද එළඹ සිටි සිහියෙහි සමාදන් කරවයිද, තමා ප්‍රඥා සම්පන්නද, අනුන්ද ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයිද,
’’මහණෙනි, මේ සත්පුරුෂයාටත් වඩා අතිශයින් සත්පුරුෂයායයි කියනු ලැබේ.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අස්සද්‍ධ සූත්‍රය
විවරණ [0]