බරවීම්

පරිවර්තන [15]

දුතිය වොහාරපථ සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,

’’දක්නා ලද්දෙහි නොදක්නා ලද්දෙමියි යන වාද ඇත්තේ වේ. අසන ලද්දෙහි නොඅසන ලද්දේය යන වාද ඇත්තේ වේ. ආඝාණය කළ, රස වින්ද, පහස ලැබූවෙහි නැතැයි යන වාද ඇත්තේය. දත් දෙයෙහි නොදත්තෙමියි යන වාද ඇත්තේ වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ නිරයෙහි වේ. කවර සතරකින්ද යත්,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’ කවර සතරකින්ද යත්, දුටු දෙයෙහි දැක්කේයි වාද ඇත්තේ වේ. ඇසූ දෙයෙහි අසන ලද්දේයයි වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය කළ, රස වින්ද, පහස ලද දෙයෙහි ලද්දේයයි යන වාද ඇත්තේය. දන්නා ලද්දෙහි දත්තේයයි වාද ඇත්තේ වේ.’’

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තබන ලද්දේ යම් සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

විවරණ [0]