බරවීම්

පරිවර්තන [13]

මිච්චාසම්මාමග්ග සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,

’’මිත්‍යාදෘෂ්ටික වේද, මිත්‍යා සංකප්ප (කල්පනා) ඇත්තේ වේද, මිත්‍යා වචන ඇත්තේ වේද, මිත්‍යා කර්‍මාන්ත ඇත්තේ වේද,

’’මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය’’ යි වදාළ සේක.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.

’’ කවර සතරකින්ද යත්, සම්‍යක් දෘෂ්ටික වේද, සම්‍යක් සංකල්පනා ඇත්තේ වේද, සම්‍යක් වචන ඇත්තේ වේද, සම්‍යක් කර්‍මාන්ත ඇත්තේ වේද,

’’මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.

විවරණ [0]