පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමණසුත්තං
’’මහණෙනි, ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.
’’මහණෙනි, ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, අපායට වැටෙන ස්වභාව නැති, සුගති නියතවූ, අර්‍හත්වය පරායනවූ, සෝවාන්වූවෙක් වන්නේද, මහණෙනි, මේ ශ්‍රමණයාය.
’’මහණෙනි, ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ත්‍රිවිධ සංයෝජනයන්ගේ ක්‍ෂය කිරීමෙන්, රාග, ද්වේශ, මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමී වේ. වරක් මෙලොවට විත් දුක් කෙළවර කරයි. මහණෙනි, මේ දෙවෙනි ශ්‍රමණයායි.
’’මහණෙනි, තුන්වෙනි ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාම ධාතුව භජනය කරණ සංයෝජන පස නැතිකිරීමෙන් ඔපපාතික වේද, ඒ ලෝකයෙන් නොඑන්නේ, එහි පිරිනිවෙන්නේ වේ. මහණෙනි, මේ තුන්වෙනි ශ්‍රමණයායි.
’’මහණෙනි, සතරවෙනි ශ්‍රමණයා කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන්, කෙලෙස් නැති අර්‍හත් ඵල සමාධියද, අර්‍හත් ඵල ප්‍රඥාවද, මෙලොවම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ සතරවෙනි ශ්‍රමණයාය
’’මහණෙනි, ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, තුන්වැනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, සතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයෙහිය, අන් දෙසැට දෘෂ්ටීහු ශ්‍රමණයන්ගෙන් ශූන්‍යය. මහණෙනි, මෙසේ මේ සිංහ නාදය කරව්.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සමණසුත්තං
විවරණ [0]