බරවීම්

පරිවර්තන [18]

අරියපරියෙසන සූත්‍රය

’’මහණෙනි, මේ අනාර්‍ය්‍ය සෙවීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරා ස්වභාවකොට ඇත්තේම ජරා ස්වභාවයම සොයයි. තමා ව්‍යාධි ස්වභාවයෙන් යුක්තවූයේම, ව්‍යාධි ස්වභාවයම සොයයි. තමා මරණය ස්වභාවකොට, මරණ ස්වභාවය සොයයි. තමන් කිලුටුවූයේම, කිලුටුම සොයයි. මහණෙනි, මේ සතර අනාර්‍ය්‍යපය්‍රේ‍යසනයෝයි.

’’මහණෙනි, මේ ආර්‍ය්‍ය පය්‍රේ‍යසනයෝ සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තමා ජරා ස්වභාව ඇත්තේම, ජරා ස්වභාවයෙහි ආදීනව දැන, ජරා නැති, නිරුත්තර, යොගක්‍ෂෙමවූ නිවණ සොයයි. තමා ව්‍යාධි ස්වභාව ඇත්තේම, ව්‍යාධි ස්වභාවයෙහි ආදීනව දැන, ව්‍යාධි නැති, නිරුත්තර, යොගක්‍ෂෙමවූ නිවණ සොයයි. තමන් මරණ ස්වභාව ඇත්තේම, මරණ ස්වභාවයෙහි ආදීනව දැන, අමෘතවූ, නිරුත්තරවූ, යොගක්‍ෂෙමවූ නිර්‍වාණය සොයයි. තමා කිලුටුවූයේම කිළුටු ධර්මයෙහි ආදීනව දැන, කිලිටිනොවූ, නිරුත්තර යොගක්‍ෂෙමය කැමති වෙයි. මහණෙනි, මේ සතර ආර්‍ය්‍ය පය්‍රේ‍යසනයෝයි.’’

විවරණ [0]