බරවීම්

පරිවර්තන [18]

බ්‍රහ්මචරියවාස සූත්‍රය

’’මහණෙනි, මම ජනයා විස්මය පත් කරවනු පිණිස, ජනයාගෙන් ප්‍රශංසා ලබන පිණිස, ලාභ, සත්කාර, කීර්ති, අනුසස් පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි නොහැසිරෙමි. වාදයන්ගෙන් ජය ගැනීම පිණිස මා මෙසේ ජන තෙම දනීවායි මේ බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේ නොවේ. හුදෙක් මහණෙනි, සංවරය පිණිස, ප්‍රහාණය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි වසන්නේය.

’’ඒ භාග්‍යවතුන් වහන්සේ සංවරය පිණිසද, ප්‍රහාණය පිණිසද, නිර්‍වාණයට පැමිණීම පිණිස මේ බ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කළ සේක. මහත්‍වයට ගිය මහර්ෂීන් විසින් අනුගමනය කළ මේ මාර්ගය බුදුන් දේශනා කළ පරිදි යම් කිසිවෙක් එහි පිළිපදිත්ද, ශාස්තෲන් වහන්සේ අනුශාසනය කරන්නාවූ ඔවුහු දුක් කෙළවර කරන්නාහුය.’’

විවරණ [0]