බරවීම්

The Numbered Discourses

AN4.264 පාණාතිපාත සුගති දුග්ගති සූත්‍රය

පරිවර්තන [15]

පාණාතිපාත සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’කවර සතරකින්ද යත්. තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’කවර සතරකින්ද යත්, තමාද සතුන් නොමරාද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් නොකරවාද, සතුන් මැරීමෙහි නොඅනුදන්නේද, සතුන් මැරීමෙහි ගුණ නොකියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

විවරණ [0]