බරවීම්

The Numbered Discourses

AN4.271 අභිජ්ඣාලු සුගති දුග්ගති සූත්‍රය

පරිවර්තන [12]

අභිජ්ඣාලු සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’තණ්හා බහුල කොට ඇත්තේ වේද, අනුන් තණ්හාවෙහි සමාදන් කරවයිද, තණ්හාවෙහි අනුදන්නේ වේද, තණ්හාවෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද තණ්හාවෙන් වෙන්වූයේ වේද, අනුන්ද තණ්හාවෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද, තණ්හාවෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, තණ්හාවෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

විවරණ [0]