බරවීම්

The Numbered Discourses

AN4.272 ව්‍යාපන්න චිත්ත සුගති දුග්ගති සූත්‍රය

පරිවර්තන [12]

ව්‍යාපන්න චිත්ත සුගති දුග්ගති සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’ව්‍යාපාද සිත් ඇත්තේ වේද, අනුන් ව්‍යාපාදයෙහි සමාදන් කරවයිද, ව්‍යාපාදයෙහි අනුදන්නේ වේද, ව්‍යාපාදයෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ.

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

’’තමන්ද ව්‍යාපාදයෙන් වෙන්වූයේ වේද, අනුන්ද ව්‍යාපාදයෙන් වෙන්වීමෙහි සමාදන් කරවයිද. ව්‍යාපාදයෙන් වෙන්වීමෙහි අනුදන්නේ වේද, ව්‍යාපාදයෙන් වෙන්වීමෙහි ගුණ කියයිද,

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ ස්වර්‍ගයෙහි වේ.

විවරණ [0]