පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අත්තවධ (දෙව දත්ත) සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ, රජගහ නුවර ගිජුකුළු පව්වෙහි.දෙව්දත් තෙරුන් වහන්සේ ගිය නොබෝ කල්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් වහන්සේ අරභයා භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
’’මහණෙනි, දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තමාගේ විනාශය පිණිස පහළවිය. මහණෙනි, යම්සේ කෙසෙල් ගස තම විනාශය පිණිස පූදියිද, පිරිහීමට පූදියිද, මහණෙනි, එසේම දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා තම විනාශය පිණිස විය. දෙව්දත්හට ලාභ, සත්කාර, ප්‍රශංසා පිරිහීමට පහළවිය. මහණෙනි, යම්සේ හුණගස තම විනාශය පිණිස පූදියිද, පිරිහීමට පූදියිද, මහණෙනි, එසේම දෙව්දත්හට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය. පිරිහීමට ලාභ, සත්කාර, ප්‍රශංසා පහළවිය.
’’මහණෙනි, යම්සේ බට ගස තමාගේ විනාශය පිණිස පූදියිද, පිරිහීම පිණිස පූදියිද, එසේම දෙව්දත්හට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය. පිරිහීමට ලාභ, සත්කාර, ප්‍රශංසා පහළවිය. මහණෙනි, යම්සේ වෙළඹ තම විනාශය පිණිස ගැබ් ගනියිද, පිරිහීම පිණිස ගැබ් ගනියිද, මහණෙනි, එසේම දේවදත්තහට තම විනාශය පිණිස ලාභ, සත්කාර, ප්‍රශංසා පහළ විය.’’
’’ඒකාන්තයෙන් යම්සේ ඵලය කෙසෙල් ගස නසයි. හුණගස ඵලය නිසා නැසෙයි. බට ගස ඵලය නිසා නැසෙයි. ගර්භය වෙළඹ නසයි. සත්කාරය නින්දිත පුරුෂයන් නසයි.’’
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- ইন্দ্রগুপ্ত ভিক্ষু, সুমন স্থবির, বঙ্গীস ভিক্ষু, অজিত ভিক্ষু, সীবক ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
අත්තවධ (දෙව දත්ත) සූත්‍රය
විවරණ [0]