පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2007)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සප්පුරිසදාන සූත්‍රය
’’මහණෙනි, මේ සත්පුරුෂ දාන පසක් වෙත්.
’’කවර පසක්ද යත්? ශ්‍රද්‍ධාවෙන් දානය දේද, සකස් වශයෙන් දානය දේද, සුදුසු කාලයෙහි දානය දේද, මුදනලද ත්‍යාග සිත් ඇත්තේ දානය දේද, තමාද, අනුන්ද නොපෙලා දානය දේද (යන පසයි.)
’’මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් වනාහි දානය දී (2) යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. (3) විශිෂ්ට රූ ඇත්තේ, දැකුම්කළුවූයේ, ප්‍රසාද එළවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තවූයේද වේ.
’’මහණෙනි, සකස් වශයෙන් වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ පුත්‍රයෝය කියා හෝ, භාර්‍ය්‍යාවය කියා හෝ, දාසයෝය කියා හෝ, පණිවිඩකාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ ඒ යම් කෙනෙකුන් වෙද්ද, ඔවුහුද කියන ලද්ද අසන්ට කැමති වෙත්. කණ එළවා තබත්. දැන ගැනීමට සිත එළවා තබත්.
’’මහණෙනි, සුදුසු කාලයෙහි වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුට සුදුසු කල්හි පැමිණියාවූ සම්පත්ද බොහෝ වෙත්.
’’මහණෙනි, මුදනලද සිත් ඇතිව වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මහත්වූද පස්කම් ගුණයන්හි පරිභෝ්ග කිරීමට සිත නැමෙයි.
’’මහණෙනි, තමන්ද අනුන්ද නොපෙලා වනාහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාතය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ සම්පත්වලට ගින්නෙන් හෝ දියෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ, කොයිනුත් වැනසීමක්ද නොපැමිණේ. මහණෙනි, මොහු වනාහි සත්පුරුෂ දාන පස වෙත්ය’’ යි වදාළ සේක.
පරිවර්තන [17]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2007)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
සප්පුරිසදාන සූත්‍රය
විවරණ [0]