පරිවර්තන [12]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්චම්භොකාසික සූත්‍රය
’’මහණෙනි, මේ අභ්‍යවකාශයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, අභ්‍යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අභ්‍යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් අභ්‍යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි අභ්‍යවකාශයෙහි වාසය කරන්නෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, අභ්‍යවකාශයෙහි වසන්නෙක් වේ. යන පස් දෙනයි.
’’මහණෙනි, මේ අභ්‍යවකාශයෙහි වාසය කරන්නාහු පස් දෙනෙක් වෙත්.
’’මහණෙනි, අභ්‍යවකාශයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ අභ්‍යවකාශයෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා අභ්‍යවකාශයෙහි වසන්නෙක් වේද, මෙතෙම අභ්‍යවකාශයෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, අභ්‍යවකාශයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ අභ්‍යවකාශයෙහි වාසය කරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා අභ්‍යවකාශයෙහි වසන්නෙක් වේද, මෙතෙම අභ්‍යවකාශයෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
පරිවර්තන [12]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2014)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පඤ්චම්භොකාසික සූත්‍රය
විවරණ [0]