බරවීම්

පරිවර්තන [13]

අග්ග්‍යාදීනව සූත්‍රය

’’මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? ඇස්වලට හිත නොවේ. දුර්‍වර්‍ණ කරන්නේ වේ. දුර්‍වල කරන්නේ වේ. ගණසඞ්ගනිකාව (රැස්වීම) වඩන්නේ වෙයි. තිරිසන් කථා පවත්වන්නේ වෙයි. යන පසයි.

’’මහණෙනි, ගින්නෙහි මේ දෝෂ පසක් වෙත්.

විවරණ [0]