පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උස්සූරභත්ත සූත්‍රය
’’මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුග කෙනෙක් වෙත්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. එක වේලේ බත් ඇත්තාවූ, රාත්‍රි භෝජනයෙන් වෙන්වූ, විකල් බොජුනෙන් වැළකුණාවූ යම් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි නොපුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ අසතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එපමණකින්ම නුසුදුසු කාලයෙහි අනුභව කරණ ලදීද, ඕජාව පතුරුවන්ට නොහැකිවේ යන පසයි.
’’මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්.
’’මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුගයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. එක වේලේ බත් ඇති, රාත්‍රි භෝජනයෙන් වැළකුණාවූ, විකල් බොජුනෙන් තොරවූ යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙද්ද, ඔවුන්ට සුදුසු කාලයෙහි පුදත්. දැසිදස් කම්කරු පුරුෂයෝ සතුටු මුහුණින් කර්‍මාන්ත කරත්. එතෙකින්ම සුදුසු කාලයෙහි අනුභව කරණ ලද්ද, ඕජාව පතුරුවන්ට හැකිවේ යන පසයි.’’
’’මහණෙනි, සුදුසු කාලයෙහි පිසන බත් ඇති කුලයෙහි මේ අනුසස් පසක් වෙත්.
පරිවර්තන [13]
English
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උස්සූරභත්ත සූත්‍රය
විවරණ [0]