පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය ආභිසමාචාර පූරණ සූත්‍රය
’’මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂු තෙම සබ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව රහිත වූයේ, අනාදර වූයේ, සභාග පැවතුම් නැත්තේ, ආභිසමාචාරික වත සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
’’ආභිසමාචාරික වත සම්පූර්‍ණ නොකොට, ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ නොකොට, සිල් සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
’’ශීලස්කන්‍ධය සම්පූර්‍ණ නොකොට, සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
’’ සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ නොකොට, ප්‍රඥා ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
’’මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන් කෙරෙහි ගෞරව සහිත වූයේ, ආදර සහිත වූයේ, සමාන පැවතුම් ඇත්තේ, ආභිසමාචාරික වත (හෙවත් උතුම් හැසිරීම වූවන් වශයෙන් පනවන ලද ශීලය) සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
’’ආභිසමාචාරික වත සම්පූර්‍ණ කොට, ශෛක්‍ෂ ධර්මය හෙවත් ශෛක්‍ෂ ප්‍රඥප්ති ශීලය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
’’ශෛක්‍ෂ ධර්මය සම්පූර්‍ණ කොට, සිව් මහසිල් පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
’’ශීලස්කන්‍ධය සම්පූර්‍ණ කොට, සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
’’සමාධි ස්කන්‍ධය සම්පූර්‍ණ කොට, ප්‍රඥා ස්කන්‍ධය සම්පූර්‍ණ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.’’ යයි වදාළ සේක.
පරිවර්තන [17]
English
- Bhikkhu Bodhi (2012)
- Bhikkhu Sujato
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- buddha-vacana.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
දුතිය ආභිසමාචාර පූරණ සූත්‍රය
විවරණ [0]