බරවීම්

පරිවර්තන [16]

දානානිසංස සූත්‍රය

’’මහණෙනි, මේ දානයෙහි අනුසස් පසක් වෙත් කවර පසක්ද යත්. බොහෝ දෙනාට ප්‍රිය වූවෙක් මන වඩන්නෙක් වෙයි. ශාන්තවූ සත් පුරුෂයෝ භජනය කරත්. යහපත්වූ ගුණ ඝොෂාව පැන නඟියි. ගෘහස්ත ධර්මයෙන් පහ නොවූයේ වෙයි. හෙවත් නොකඩවූ පඤ්ච ශීලය ඇත්තේ වෙයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයෙහි උපදියි. මහණෙනි, මොහු වනාහි දානයෙහි අනුසස් පස වෙත්ය’’ යි වදාළ සේක.

(1) ’’සත්පුරුෂයන්ගේ ධර්‍මය නොඉක්මවමින් දෙනු ලබන්නේ ප්‍රියයෙක් වෙයි. සංයමයෙන් යුක්තවූ, බ්‍රහ්මචර්‍ය්‍යා ඇත්තාවූ, ශාන්තවූ සත්පුරුෂයෝ භජනය කෙරෙත්.

(2) ’’උන්වහන්සේලා ඔහුට සියලු දුක් දුරලන්නාවූ යම් ධර්‍මයක් දේශනා කෙරෙත්ද, හෙතෙම මෙලොව ඒ ධර්‍මය දැන, ආශ්‍රව රහිතවූයේ පිරිනිවේය’’ යි වදාළ සේක.

විවරණ [0]