බරවීම්

පරිවර්තන [14]

අරතිපහාණ සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? නොඇලීම, හිංසාව, අධර්‍මයෙහි හැසිරීම යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.

’’මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

’’කිනම් තුනක්ද යත්? නොඇලීම ප්‍රහීණ කිරීම පිණිස මෘදු බව වැඩිය යුතුයි. හිංසාව ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසාව වැඩිය යුතුයි. අධර්‍මයෙහි හැසිරීම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍මයෙහි හැසිරීම වැඩිය යුත්තාහ. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

විවරණ [0]