පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පියකරණධම්ම සූත්‍රය
’’මහණෙනි, මේ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්‍ම සයක් සංග්‍රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’ඒ සය කවරහුද ? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුවට ප්‍රකටවද, අප්‍රකටවද සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සහගත කාය කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද මෛත්‍රී සහගත වාක් කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, නැවතද භික්‍ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද මෛත්‍රී සහගත මනස් කර්‍මය එළඹ සිටියේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ ධාර්මිකවූ දැහැමින් ලැබුණාවූ, යටත් පිරිසෙයින් පාත්‍රයට ලැබුනාවූ පවා ලාභයෝ වෙද්ද, එබඳුවූ ලාභයන් ශීලවන්තවූ සබ්‍රහ්මචාරීන් හා සමානව බෙදා පරිභෝග කරන්නේ වේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, නැවතද මහණතෙම යම් ඒ නොකැඩුනාවූ, නොසිදුරුවූ, කබර නොවූ, කැළැල් නොවූ, උසස්වූ, නුවණැත්තන් විසින් පසස්නාලද, තෘෂ්ණා දෘෂ්ටීන් හා පරාමර්‍ශ නොවූ, සමාධිය ඇතිකරවන්නාවූ ශීලයෝ වෙද්ද, එබඳු ශීලයන්ගෙන් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ප්‍රකටවද, අප්‍රකටවද. සමාන සිල් ඇති බවට පැමිණියේ වාසය කෙරේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, නැවතද මහණතෙම යම්බඳු දෘෂ්ටියක් එය කරන්නහුගේ මනාකොට දුක් දුරුකිරීම පිණිස පවතීද, නෛර්‍ය්‍යානිකවූ, ආර්‍ය්‍යවූ, එබඳුවූ ශීලයන්ගෙන් සබ්‍රහ්මචාරීන් හා ප්‍රකටවද, අප්‍රකටවද, දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කෙරේද, මෙයද ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ සිහි කටයුතු ධර්‍මයකි. මෙයද සංග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
’’මහණෙනි, මේ ප්‍රිය කරන්නාවූ, ගරු කරන්නාවූ, සිහි කටයුතු ධර්‍ම සයක් සංග්‍රහ පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතිත්.
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
Lietuvių Kalba
- Sayalay Piyadassi (2022)
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පියකරණධම්ම සූත්‍රය
විවරණ [0]