පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Christelle Ah-Mouck (2025)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2014)
Català
- Bernat Font
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
Norsk
- Kåre A. Lie
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මොලිය සීවක සූත්‍රය
’’ඉක්බිති මෝලිය සීවක නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ මෝලිය සීවක පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
’’ස්වාමීනි, ධර්‍මය සාන්දෘෂ්ටිකය. ධර්‍මය සාන්දෘෂ්ටිකය.යි (තමා විසින්ම අවබෝධ කටයුතුයයි) කියයි. ස්වාමීනි, කවර කරුණකින් ධර්‍මය සාන්දෘෂ්ටික වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේද, එව, බලව යි කියයුතු වේද, සමීපයට පැමිණියයුතු වේද, නුවණැත්තන් විසින් වෙන වෙන දැනගතයුතුයයි කියාද? ’’ යනුයි.
’’එසේනම් සීවකය, එයම මෙහිලා විචාරන්නෙමි. යම් සේ ඔබ ඉවසන්නෙහි නම් එසේ මෙය ප්‍රකාශ කරව. සීවකය, කුමකැයි සිතන්නෙහිද? අධ්‍යාත්මයෙහි ඇත්තාවූ ලෝභය, ’මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇත්තේය’ යි දන්නෙහිද? අධ්‍යාත්මයෙහි නැත්තාවූ ලෝභය ’මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැත්තේය’ යි දන්නෙහිද? සීවකය, මෙසේ වනාහි ධර්‍මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.
’’සීවකය, කුමකැයි සිතන්නෙහිද? අධ්‍යාත්මයෙහි ද්වේෂය, එසේම මෝහය, එසේම ලෝභධර්‍මය, ද්වේෂධර්‍මය, මෝහධර්‍මය යන මේ කෙලෙස් ඇති කල්හි ඇත්තහුයයි දන්නෙහිද? නැතිකල්හි නැත්තාහුයයි දන්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි.’’
’’සීවකය, යම් හෙයකින් ඔබ අධ්‍යාත්මයෙහි ඇත්තාවූ මෝහධර්‍මය, ’මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇත්තේය’ යි දන්නෙහිද? අධ්‍යාත්මයෙහි නැත්තාවූ මෝහධර්‍මය, ’මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැත්තේය’ යි දන්නෙහිද? මෙසේ වනාහි ධර්‍මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි. ’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’
පරිවර්තන [20]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Christelle Ah-Mouck (2025)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Isidatta (2014)
Català
- Bernat Font
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
Norsk
- Kåre A. Lie
বাংলা
- প্রজ্ঞাদর্শী ভিক্ষু (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
මොලිය සීවක සූත්‍රය
විවරණ [0]