පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිසත්‍ථාගාරවතා සූත්‍රය
’’ඉක්බිත්තෙන් එක්තරා දේවතාවෙක් රාත්‍රි මධ්‍යම යාමයෙහි දිළිසෙන පැහැයෙන් මුළු ජේතවනය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය.
’’ස්වාමීනි, කරුණු සතක් භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්.
’’හේ කවර සතක්ද? ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය, ධර්මය පිළිබඳ ගෞරවය, සඞ්ඝයා පිළිබඳ ගෞරවය, ශික්‍ෂාව පිළිබඳ ගෞරවය, සමාධිය පිළිබඳ ගෞරවය, අප්‍රමාදය පිළිබඳ ගෞරවය, පිළිසඳර කථාකිරීම පිළිබඳ ගෞරවයදැයි යන මේ ධර්මයෝ සත්දෙන ස්වාමීනි, භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.
ඒ දේවතාවා මෙසේ කීය. ශාස්තෘන් වහන්සේ එය අනුදත් සේක. ඉක්බිති ඒ දේවතාවා ’ශාස්තෘන් වහන්සේ මට අනුදත් සේකැ’ යි භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්‍ෂිණාකොට වැඳ එතැන්හිම අතුරුදහන් විය.
’’ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්‍ෂූන් අමතා මෙසේ දේශනා කළ සේක. ’මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය ආලෝකකොට පැහැපත් වර්‍ණයෙන් සියලු ජේතවනය බබළවමින් මා යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එසේ පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටියාවූ ඒ දේවතාවා මට මෙසේ සැළකෙළේය. ’’ස්වාමීනි, කරුණු සතක් භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්. හේ කවර සතක්ද? ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය, ධර්මය පිළිබඳ ගෞරවය, සඞ්ඝයා පිළිබඳ ගෞරවය, ශික්‍ෂාව පිළිබඳ ගෞරවය, සමාධිය පිළිබඳ ගෞරවය, අප්‍රමාදය පිළිබඳ ගෞරවය, පිළිසඳර කථාකිරීම පිළිබඳ ගෞරවයදැයි යන මේ ධර්මයෝ සත්දෙන ස්වාමීනි, භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතියි.
’’මහණෙනි, ඒ දේවතාවා මෙය සැළකොට ප්‍රදක්‍ෂිණා කිරීමෙන් මට වැඳ, එතැන්හි අතුරුදහන් විය.
’’කෙළෙස් තවනසුළුවූ භික්‍ෂුතෙම, ශාස්තෲන් වහන්සේ ගරුකොට ඇත්තේද, ධර්මය ගරුකොට ඇත්තේද, සංඝයා කෙරෙහිද තියුණුවූ ගෞරවය ඇත්තේද, ශික්‍ෂාවෙහි තියුණුවූ ගෞරවය ඇත්තේද, අප්‍රමාදය ගරුකොට ඇත්තේද, පිළිසඳරෙහි ගෞරවය ඇත්තේද, එබඳු භික්‍ෂුතෙම පිරිහීමට අයෝග්‍ය වේ. නිර්‍වාණයාගේ සමීපයෙහි වේ.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
පටිසත්‍ථාගාරවතා සූත්‍රය
විවරණ [0]