පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔත්තප්පගාරවතා සූත්‍රය
’’මහණෙනි, මේ රාත්‍රියෙහිම එක්තරා දේවතාවෙක් ප්‍රථම යාමය ඉක්මවූ ඒ මනහර රාත්‍රියෙහි දිළිසෙන පැහැයෙන් මුළු ජේතවනය ආලෝකකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එසේ පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකෙළේය.
’’ස්වාමීනි, කරුණු සතක් භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්.
’’හේ කවරේද? ශාස්තෲන් වහන්සේ පිළිබඳ ගෞරවය, ධර්මය පිළිබඳ ගෞරවය, සඞ්ඝයා පිළිබඳ ගෞරවය, ශික්‍ෂාව පිළිබඳ ගෞරවය, සමාධිය පිළිබඳ ගෞරවය, හිරිය හෙවත් පාපයට ලජ්ජාවීම පිළිබඳ ගෞරවය, ඔත්තප්පය හෙවත් පාපයට භයවීම පිළිබඳ ගෞරවය යන මේ ධර්මයෝ, ස්වාමීනි, භික්‍ෂුවගේ අපරිහානිය පිණිස පවතිත්ය යනුයි.
’’මහණෙනි, ඒ දේවතාවා මෙය සැළකොට ප්‍රදක්‍ෂිණා කිරීමෙන් මට වැඳ, එතැන්හි අතුරුදහන් විය.
’’කෙළෙස් තවනසුළු භික්‍ෂුතෙම, ශාස්තෲන් වහන්සේ ගරුකොට ඇත්තේද, ධර්මය ගරුකොට ඇත්තේද, සංඝයා ගරුකොට ඇත්තේද, සමාධිය ගරුකොට ඇත්තේද, ශික්‍ෂාවෙහි තියුණුවූ ගෞරවය ඇත්තේද, පාපයෙහි ලජ්ජා භය දෙකින් යුක්තවූ, ගුරු ආශ්‍රය ඇති, ගෞරව සහිතවූ භික්‍ෂුතෙම පිරිහීමට අයෝග්‍ය වේ. නිර්‍වාණයාගේ සමීපයෙහි වේ.’’
පරිවර්තන [16]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
ඔත්තප්පගාරවතා සූත්‍රය
විවරණ [0]