පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උග්ගමහාමත්ත සූත්‍රය
’’ඉක්බිත්තෙන් උග්ග නම් රාජ මහාමාත්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ උග්ග රාජ මහාමාත්‍ය තෙම, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
’’ස්වාමිනි, ආශ්චර්‍ය්‍යයකි. ස්වාමීනි, පුදුමයකි. රොහනෙය්‍ය නම් මිගාර තෙම යම්තාක් ආඪ්‍යද, යම්තාක් මහත් ධන ඇත්තේද, යම්තාක් මහා භෝග ඇත්තේ වෙයිද, ස්වාමීනි, රෝහනෙය්‍ය නම් මිගාරතෙම. කොපමණ ආඪ්‍යවූයේද, කොපමණ මහත් ධන ඇත්තේද, කොපමණ මහා භෝග ඇත්තේද, අමුරන්ම ලක්‍ෂයකි. රිදී ගැන කියනුම කවරේද?
’’උග්ගය, ඇත්තාවූ ඒ ධනය ඕහට නැත්තේයයි කියමි. උග්ගය, එසේ නමුදු ඒ ධනය ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද සාධාරණ වන්නේය.
’’උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.
’’ඒ සත කවරහුද? ශ්‍රද්ධා ධනය, ශීල ධනය, හිරි ධනය, ඔත්තප්ප ධනය. ශ්‍රුත ධනය, ත්‍යාග ධනය. ප්‍රඥා ධනය යනුයි. උග්ගය, මේ ධනයෝ සත්දෙන ජලයෙන්ද, ගින්නෙන්ද, රජුන්ගෙන්ද, සොරුන්ගෙන්ද, අප්‍රිය දායාදයන්ගෙන්ද අසාධාරණ වෙති.
’’ශ්‍රද්‍ධා ධනයද, වීර්‍ය්‍ය ධනයද, හිරි ධනය හා ඔත්තප්ප ධනයද, ස්මෘති ධනයද, සමාධි ධනයද, ඒකාන්තයෙන් ප්‍රඥා ධනය සත්වන ධනය වේ. මේ සප්ත ධනයෙන් බලවත්වූ පණ්ඩිත භික්‍ෂුතෙම සැපසේ ජීවත් වේ. උපායෙන් ධර්‍මය සොයාද. ප්‍රඥාවෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය විශෙෂයෙන් දකීද, (එබඳු භික්‍ෂුවගේ) පහනේ නිවීම මෙන් චිත්තයාගේ විමොක්‍ෂය (වස්තු අරමුණින් මිදීම) වේ.’’
පරිවර්තන [18]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Français
- Canonpali.org
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Italiano
- Enzo Alfano
Español
- Anton P. Baron (2014)
Português
- Michael Beisert (2013)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උග්ගමහාමත්ත සූත්‍රය
විවරණ [0]