පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාලි ආයාචන සූත්‍රය
ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාවූයේ, වෙන්වූයේ, අප්‍රමාදවූයේ, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, ආත්මභාවයෙහි දුරු කළ ආශා ඇත්තේ, වාසය කරන්නෙම් නම් ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්මයක් මනාකොට දේශනා කරණ සේක්වා.
’’උපාලීනි, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මේ ධර්මයෝ ඒකාන්තයෙන් කළකිරීම පිණිස, රාග විරාගය (ඇල්ම නැතිකිරීම පිණිස), නිරොධය (සිත නොසිටීම) පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස, නොපවතියි. උපාලීනි, මේ ධර්මය නොවේය, මේ විනය නොවේය, මේ ශාස්තෘ ශාසනය නොවේයයි යන කරුණු ඒකාන්තයෙන් දැන ගනුව. උපාලීනි, ඔබ යම් ධර්මයක් දන්නෙහි නම් මේ ධර්මයෝ ඒකාන්තයෙන් කළකිරීම පිණිස, රාග විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබෝධය පිණිස, පවතියි. උපාලීනි, මේ ධර්මය වෙයි, මේ විනය වෙයි, මේ ශාස්තෘ ශාසනය වෙයි, යන කරුණු ඒකාන්තයෙන් දරව.’’
පරිවර්තන [15]
English
- Bhikkhu Sujato
- Bhikkhu Thanissaro (1998)
繁體字
- 莊春江
日本語
- 関西パーリ語実習会 (2023)
Deutsch
- Nyānatiloka Thera (1907)
- Sabbamitta (2019)
Español
- Isidatta (2012)
Русский
- SV theravada.ru (2025)
বাংলা
- সুমঙ্গল বড়ুয়া (2018)
Việt Ngữ
- Thích Minh Châu
Bahasa Indonesia
- Indra Anggara
සිංහල
- A.P. de Zoysa
ပြန်သွားရန်
- Pitaka Myanmar Translation
ภาษาไทย
- Siam Rath
पाळिभासा (Pāli)
- Mahāsaṅgīti Tipiṭaka
උපුටාදක්වීම
- Sutta Central
උපාලි ආයාචන සූත්‍රය
විවරණ [0]